ලෝක බ්‍රේල් දිනය

Jan 4, 2023 | News | 0 comments

සෑම වසරකම ජනවාරි 4 වන දින ලෝක බ්‍රේල් දිනය සමරනු ලබන්නේ බ්‍රේල් ක්‍රමය ලොවට හඳුන්වා දුන්  ලුවී බ්‍රේල්ගේ උපතට ගෞරව කිරීම සඳහාත් ලොව පුරා සිටින බ්‍රේල් ක්‍රමය භාවිතා කරන්නා වූ පුද්ගලයන්ට ගෞරව කිරීම සඳහාත්ය. ලෝකයට බ්‍රේල් ක්‍රමය හඳුන්වා දීම නිසා ලොවපුරා සිටින මිලියන සංඛ්‍යාත වූ දෘෂ්‍යාබාධිත මිනිසුන්ගේ ජීවිත ආලෝකවත් වී ඇත. මෙය ඔවුන්ට මහත් වූ උපකාරයකි. දෘෂ්‍යාබාධිත වුවද ඔවුන්ද අන් අය සේම සම බව සියලු දෙනා වටහා ගත යුතුය.

බ්‍රේල් දිනයේ ඉතිහාසය

“බ්‍රේල්” යන යෙදුම එහි නිර්මාතෘවරයා එනම් ලුවී බ්‍රේල්ට ගෞරව කිරීමක් ලෙස යොදන ලද්දකි. ලුවී බ්‍රේල් යනු ප්‍රංශ ජාතිකයෙකු වන අතර, ඔහු කුඩා කාලයේදී ඔහුගේ ඇස්  පෙනීම අහිමි විය. එමනිසා වයස අවුරුදු 10 සිට, ඔහු ප්‍රංශයේ අන්ධ තරුණයින් සඳහා වූ රාජකීය ආයතනයේ කාලය ගත කළ අතර එහිදී ඔහු උස් තිත් ක්‍රමයක් සකස් කර සම්පූර්ණ  කළ අතර අවසානයේ එය බ්‍රේල් ක්‍රමය ලෙස හඳුන්වන ලදි.

බ්‍රේල් සිය කාර්යය සම්පූර්ණ කරමින්, තිත් හයක් මත පදනම් වූ කේතයක් සංවර්ධනය කරමින්, එක් ස්පර්ශයකින් මුළු ඒකකයම ඇඟිලි තුඩකට දැනෙන්නටත්, එක් කොටුවකින් ඊළඟ කොටුවට වේගයෙන් ගමන් කිරීමටත් හැකි ලෙස එය දියුණු කරන ලදි. අවසානයේදී, මෙම බ්‍රේල් ක්‍රමය අන්ධ පුද්ගලයන් සඳහා ලිඛිත තොරතුරු සපයන ප්‍රධාන ආකාරය ලෙස ලොව පුරා පිළිගැනීමට ලක් විය. නමුත් අවාසනාවකට, බ්‍රේල්ට ඔහුගේ නව නිපැයුම කෙතරම් ප්‍රයෝජනවත් වී ඇත්දැයි බැලීමට අවස්ථාවක් නොලැබුණි. එයට හේතුව නම් මෙම රාජකීය ආයතනයේ බ්‍රේල් ඉගැන්වීම ආරම්භ කිරීමට වසර දෙකකට පෙර, එනම් 1852 දී ඔහු මෙලොවින් සමු ගැනීමයි.

අන්ධ සහ දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ලෝකයක් විවර කළ බ්‍රේල්ගේ විස්මිත සොයාගැනීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (United Nations General Assembly – UNGA) විසින් පිළිගනු ලැබීය. 2018 නොවැම්බර් මාසයේ ජනවාරි 4 ලෝක බ්‍රේල් දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ මේ නිසාය. ප්‍රථම වරට ලෝක බ්‍රේල් දිනය සමරනු ලැබුවේ ඊට පසු වසරේ වන අතර එය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස සමරනු ලැබීය. ප්‍රකාශයක් හරහා UNGA විසින් මෙම  උත්සවය සඳහා දිනය ලෙස  ලුවී බ්‍රේල්ගේ උපන්දිනය යොදා ගන්නා ලදි. ලොවට ලබා දුන් අගනා දායාද සහ යහපත් අරමුණු සැමරීමට ජනවාරි 4 වන දින ලෝක බ්‍රේල් දිනය යොදා ගැනීම ඉතා අගනේය.

බ්‍රේල් ක්‍රමය පිළිබඳව යම් ප්‍රමාණයක් හෝ දැන සිටීම සියලුම දෙනාට ඉතා වැදගත්ය.

ලෝකයේ සෑම රටකම පාහේ බ්‍රේල් භාවිතා වන අතර සෑම භාෂාවක් සඳහාම පාහේ බ්‍රේල් කේතයක් ඇත. බ්‍රේල් අකුරු විවිධ ආකාරවලින් ටයිප් කළ හැකිය. එය බොහෝ දුරට බ්‍රේල් අත් අකුරු ලෙස සලකනු ලබන මෝස්තර වලින් සකස් කළ හැකි එසේ නැතහොත් බ්‍රේල් අකුරු යතුරු ලියනයක් භාවිතයෙන් මුද්‍රණය කළ හැක.

මෑත වසරවලදී, Rubik’s Cube, ජනප්‍රිය කාඩ් ක්‍රීඩාව වන UNO සහ LEGO ඇතුළු තවත් සෙල්ලම් බඩු බ්‍රේල් ක්‍රමයට ලබා ගත හැකි වීම දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ලැබෙන වටිනා අවස්ථාවකි.

බ්‍රේල් යතුරු ලියනය සාමාන්‍ය යතුරු ලියනයකට වඩා වෙනස් ය. බ්‍රේල් කෝෂයේ ඇති තිත් හයෙන් එකකට සහසම්බන්ධ වන යතුරු හයක් මෙන්ම අභ්‍යවකාශ යතුරක්, ඇතුල් කිරීමේ බොත්තමක් සහ පසුපස අවකාශයක් බ්‍රේල් වලට ඇත.

බ්‍රේල් දිනය හරවත් ලෙසෙ අපි සැමරිය යුත්තේ කෙසේද ?

ලොව පුරා සංවිධාන බ්‍රේල් සහ වෙනත් ප්‍රවේශ විය හැකි සන්නිවේදන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම සඳහා විවිධ වැඩමුළු පවත්වයි. එමෙන්ම ATM යන්ත්‍ර, විදුලි සෝපාන, ගණක යන්ත්‍ර, සංඥා සහ බ්‍රේල් අඩංගු වෙනත් දේවල් කෙරෙහි අවධානය යොමු කරමින් ඒ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්ය. ලුවී බ්‍රේල් මෙන්ම බ්‍රේල් ඉතිහාසය පිළිබඳව දැන ගැනීම  වටිනා කරුණකි.

Helen Keller, Ray Charles, Stevie Wonder සහ Andrea Bocelli ඇතුළු දෘශ්‍යාබාධිත ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳව  ඉගෙන ගත හැකිය.

දෘෂ්‍යාබාධිත කෙනෙකු ගැන ඔබ දන්නවා නම්, බ්‍රේල් ක්‍රමය  ඔවුන්ට ප්‍රයෝජනවත් වූයේ කෙසේදැයි විමසීමෙන් ඔබට ඒ පිළිබඳව තොරතුරු දැන ගත හැකිය.

බ්‍රේල් පොත්, සීමා සහිත ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති නිසා ඒවා නිෂ්පාදනය කරන රට තුළම පැවතිය යුතුය. බ්‍රේල් පොත් දේශසීමා හරහා බෙදාගත නොහැකි නිසා දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට තම රට තුළම නිෂ්පාදනය නොවන කිසිම පොතක් කියවිය නොහැක. අවාසනාවකට, දැනට ප්‍රකාශිත සියලුම ද්‍රව්‍යවලින් ප්‍රවේශ විය හැකි ආකෘතිවලින් නිෂ්පාදනය කරනු ලබන්නේ 5% ක් පමණි.

එයින් අදහස් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල සියලුම දෘෂ්‍යාබාධිත දරුවන්ගෙන් 10% ට අඩු ප්‍රමාණයක් ඉගැන්වීම් ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පාසල් නොයන බවයි.

හුදෙක් දිනයකට පමණක් සීමා නොවී දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ඉතා වැදගත් වන බ්‍රේල් ක්‍රමය පිළිබඳව මනා දැනුමක් ලබා සිටීම අගනේය. එමනිසා දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමු. 

Written by: Rtr. Nethmi Sasangika

Graphic design by: Rtr. Malithi Fernando

Facebook
Instagram
LinkedIn
Twitter
Tiktok

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Visit Our Socials:

Facebook
Instagram
LinkedIn
Twitter
Tiktok

Contact Us:

Email: [email protected]

Call Us: (+94) 77 881 7274

FOLLOW US
© 2025. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura