“හිංසනයෙන් තොර සුන්දර හෙටක්”

May 15, 2023 | Gender Equality, Public Relations | 0 comments

දුවේ…

එපා හිතේ බයෙන් ඉන්න

නුඹේ අයිතිය අතට ගන්න

නපුර හොදට අදුර ගන්න

නුවණ දුරට වඩවගන්න

කාට කොහොම කියාගන්න

බැරිව ඉන්න එපා දුවේ

උනොත් නුඹට සුළු නපුරක්

යක්ෂ වෙසක් ගනින් දුවේ

පියාඹන්න හිතුනොත් දුර

පියාඹන්න ඇති තරමට

ඉන්නව නුඹෙ අම්මා අප්පා

රකින්න නුඹ දෙඇස් වගේ

අප්පා දුවට ආදරෙයිලු

අම්මා පුතුට ආදරෙයිලු

භේද කරන කතා නසා

රැකවරණය බෙදා ගන්න

පුතු ඉදිරියේ කවදාවත්

එපා දුවට වෙනස්කමක්

උන් ගෙනියයි ඒ ගතිගුණ

කුටුම්භයක් ගිනි තියන්න

දුවේ නුඹයි මවක් වෙන්නේ

ඒක හොඳට හිතට ගන්න

ගැහැනුකමට ගරු කරන්න

නුඹේ පුතුට කියා දෙන්න

-මිශේල් පෙරේරා

ශ්‍රී ලංකා නීති විද්‍යාලය

Facebook
Instagram
LinkedIn
Twitter
Tiktok

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Visit Our Socials:

Facebook
Instagram
LinkedIn
Twitter
Tiktok

Contact Us:

Email: [email protected]

Call Us: (+94) 77 881 7274

FOLLOW US
© 2025. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura