අවිහිංසාවාදයේ පියා

Oct 2, 2021 | News | 0 comments

1947 අගෝස්තු 15 දින , දශක නවයකට ආසන්න කාලයක් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති ඉන්දියාවට නිදහස ලැබිණි. එහි ලා පුරෝගාමීත්වය ගෙන කටයුතු කළ පුද්ගලයන් කිහිප දෙනා අතර දේශීයත්වය , අල්පේච්ඡභාවය හා අවිහිංසාව තම දර්ශනය කර ගත් යුග පුරුෂයෙකු විය. අවිහිංසාවාදයේ පියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස ගෞරවයට පත් වූ ඔහු නමින් මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි ය. 

1869 ඔක්තෝබර් 02 දින ඉන්දියාවේ ගුජරාත් (Gujrat) ප්‍රාන්තයේ පෝරබනඩාර් (Porabandar) ගම්මානයේ උපත ලද ඔහුගේ පියා රාජ්‍ය නිලාධාරියෙකු වූ කරම්චාන්ද් ගාන්ධිය. මව ඉතාමත් ආගමානුකූල දිවි පෙවෙතක් ගත කල පුත්ලිවායි ය. ඔහු උපන් ගමේ තිබූ පාසලකින් මූලික අධ්‍යාපනය ලබාගත් අතර පසුව රාජ්කොට් නුවර උසස් පාසලක අධ්‍යාපනය හැදැරීය. වයස අවුරුදු 18 දී , මැට්‍රිකියුලේෂන් විභාගය සමත් වූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය. එහිදී ඔහු සිව් වසරක් නීතිය හදාරා නීතිවේදියෙකු ලෙස කටයුතු කළේය.

එංගලන්තයේ සිටිනා කාලයේදි කළු ජාතිකයන්ට වන හිරිහැර දුටු ගාන්ධි , අවිහිංසාවාදය පදනම් කරගත් ව්‍යාපාරයකින් තම ම්ව්බිමට බ්‍රිතාන්‍යය ආධිපත්‍යයෙන් නිදහස ලබා දීමෙන් අරමුණින් නැවතත් ඉන්දියාව බලා පැමිණියේය.

නමුත් ඔහුට කෙටි කාලයකින් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට සිදු වූ අතර එහිදීද ඔහු නීතිඥවරයෙකු ලෙස සේවය කළේය. දකුණු අප්‍රිකාවේ සිටි වසර විස්සක පමණ කාලය තුල ඔහු සිදු කලේ එකල ඉතා දරුණු ලෙස පැවැති වර්ණ භේදවාදයට එරෙහිව කටයුතු කිරීමයි. මේ හේතුවෙන් ඔහුට අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට පත්වීමට පවා සිදුවිය

යලිත් තම ම්ව් රටට පැමිණි ගාන්ධි ඉන්දීය නිදහස් අරගලයට පදනම දැමීය. එකල ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යයන් ඉන්දීය වැසියන්ට ඉතා පහත් අන්දමින් සැලකූ අතර එම වැසියන්ට බදු පනවමින් ඔවුහු ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කළහ.

ඉන්දීය ජනතාවට ලුණු සඳහාද බදු ගෙවීටම සිදු විය. මෙයට එරෙහිව නැගී සිටි මහත්මා ගාන්ධි , 1930 මාර්තු 12 සැතපුම් 241 ක දුර පාගමනක් අහමදාබාද් (Ahamedabad) සිට ඩන්ඩි (Dandi) දක්වා ගමන් කර අප්‍රේල් 05 දින ඩන්ඩි වෙතට පැමිණ ඉන්දීය ජනතාබට ලුණු ලබා දුන්නේය. ඉන්දීය ජනතාවට දේශීය රෙදිපිළි භාවිතා කරන ලෙස ඉල්ලා සිටි ඔහු දේශීය නිෂ්පාදන නගාලීමටද කටයුතු කළේය

බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ට එරෙහි වන ඉන්දියානුවන් මර්දනය කිරීමට රව්ලට් පනත (Rowlett Act) සම්මත කරන ලදී. එහිදී ඔවුන් සැකය මත ඉන්දියානුවන්ට දඬුවම් පැමිණවීය. මෙයට එරෙහිව ඇරඹි සත්‍යග්‍රහයේදී හා හර්තාල් ව්‍යාපාරයේදී බ්‍රිතාන්‍යයන් විසින් නිරායුද ඉන්දියානුවන් 379 ක් වෙඩි තබා ඝාතනය කළ අතර , දහස් ගණනක් තුවාල ලැබීය. 1922 දී ගාන්ධිතුමන්ව සිරගත කළ අතර ඔහු සය වසරක් එහි ඉතාමත් දුක්ඛිත කාලයක් ගත කළේය. 

සිරගෙදරින් නිදහස් වූ පසු ඔහු අර්විස් සාමි සමඟ සාකච්ඡා පැවැත්වූ අතර ගැටුම් , සටන් , සාකච්ඡා , ගිවිසුම් ඔස්සේ පෙරට ආ ඉන්දීය නිදහස් ව්‍යාපාරය 1947 අගෝස්තු 15 දින ඉන්දියාවට නිදහස ලබා ගැනීමට සමත් විය.

මෙහිදී මොහොමඩ් අලි ජින්නා විසින් බ්‍රිතාන්‍යයන් ලවා ඉන්දියාවෙන් කොටසක් කඩවා ගෙන එහි පකිස්තානය නමින් නව රාජ්‍යයක් පිහිටුවා ලීය. මේ සමඟ හින්දු මුස්ලිම් ගැටුම් රැසක් හටගත් අතර මෙම ගැටුම් සන්සිඳුවාලීමට ගාන්ධිතුමා ගත් උත්සහයන් ඇතැම් හින්දු අන්තවාදීන් විසින් වරදවා වටහා ගනු ලැබිණි

1948 ජනවාරි 30 වන දින හින්දු අන්තවාදියෙකු වූ නතුරාම් විනායක් ගොඩ්සේ විසින් , සිය මන්දිරයේදීම වෙඩි තබා ඝාතනය කළ අතර ගාන්ධිතුමාගේ දේහය යමුනා ගඟ අසබඩදී ආදාහනය කරන ලදී. ඉන්දියානුවන් ජාතියේ පියා ලෙස හැඳින් වූ මහත්මා ගාන්ධිතුමන් අවුරුදු 69 ක ආයු වදාලා එසේ නික්ම ගියේය. 

ඔක්තෝබර් 02 දාට යෙදී ඇති ඔහුගේ ජන්ම දිනය සෑම වසරකම පාහේ ගාන්ධි ජයන්තිය නමින් අනුස්මරණය කරනු ලබන අතර එදින ජාතික නිවාඩු දිනයක් ලෙසද ඉන්දියානුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

2007 වර්ෂයේ පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඔක්තෝබර් 02 දින අන්තර්ජාතික අවිහිංසාවාදී දිනය ලෙස නම් කළ යුතු බවටද අදහස් ඉදිරිපත් විය. මෙවර ඔක්තෝබර් 02 දාට රොටරැක්ට් සමාජයේ තරුණ ස්වෙච්ඡා සේවකයින් වන අප සියලු දෙනාටම අවිහිංසාවාදයෙන් ලෝකය දෙස බැලීමට ආදර්ශයක් වූ එතුමන්ගේ 152 ජන්ම දිනය අනුස්මරණය කරමු.

අපගේ ස්වෙච්ඡා සේවයෙන් අසරණ මිනිසුන්ගේ ජීවිතවලට එලියක් වීමට කැප වෙමු.

Written by Rtr. Thinuri Mithara

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Facebook feed

3 years ago

Project E-Shield by the Community Service Avenue for the year 2020/21

We are delighted to announce that we successfully carried out the project E-Shield with the view of spreading awareness on ... See more

« 4 of 4 »

Contact Us:

Email: [email protected]

Call Us: (+94) 77 859 3141

FOLLOW US
© 2020. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura