ජනමාධ්‍යවේදියා යනු, නිසැකවම සමාජයේ ප්රගමනයට සෘජුව හා වක්‍රව දායකවන, සත්‍යය ගවේෂණය කරමින් නිවැරදි දේ වාර්තා කිරීම වෙනුවෙන් කි‍්‍රයා කරන්නෙකු වේ.සැබැවින්ම ඔහු සමාජයේ පෙරගමන්කරුවෙකු හා චින්තනය ගොඩනගන්නෙකු වේ. සමාජයේ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා වෙනත් තොරතුරු වාර්තා කිරීමේදී සත්‍ය, විශ්වාසනීය හා අපක්ෂපාතී වාර්තාකරණයක් ජනතාව වෙත සැපයීමට ඔහු උත්සාහ දරයි. මෙහිදී සිදුවීමට අදාළ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායමේ සමාජ පන්තිය, නිලය, බලය යනාදිය ඔහුට අදාල වන්නේ නැත. ඔහුගේ ඒකායන පරමාර්ථය වන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වඩාත් හොඳින් තහවුරු කිරීමය.
සමාජය යන්න එකතැන ලැගුම් නොගන්නා දැනුමෙන් සන්නද්ධ වූ තමා වටා පවතින සමාජ, ආර්ථික, දේශපාලනික තත්වයන් පිළිබඳ විචක්ෂණශීලීව විමසන පිරිසක් විය යුතුය. නැතහොත් ඇතැම් දේශපාලනික, ආර්ථික හා සමාජයීය මෝහාන්දකාරයන්ගෙන් සමාජය වෙළීයනු ඇත. එසේ නොවීම පිණිස නිවැරදි තොරතුරු සමාජගත කරමින් අමිල සේවයක් සිදු කරන්නේ ජනමාධ්‍යවේදීන් ය.
මෙම කාර්යයේදී ජනමාධ්‍යවේදීන්ට විවිධාකාර වූ ශාරීරික හා මානසික හිංසනයන්ට හා පීඩාවන්ට මුහුණ පෑමට සිදුවන අවස්ථා ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් වලින් වාර්තා වේ.විශේෂයෙන්ම ඔවුන් අතුරුදහන් කරවීම, පහරදීම, පැහැරගෙන යාම, රදවා තබා ගැනීම යනාදී මාරාන්තික නොවන ශාරීරික හිංසනයන්ට මෙන්ම මරණයට පත් කිරීම ද, තර්ජනය කිරීම,රැකියාව අහිමි කිරීම, මාධ්‍ය ආයතන වසා දැමීම, මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගන්න බව ප්‍රකාශ කිරීම, බිය ගැන්වීම යනාදී මානසික හිංසනයන්ට ද ලක් වේ. තවද, ලිංගික අතවර ඇතුළු විශේෂයෙන් කාන්තා මාධ්‍යවේදීන් මුහුණ දෙන නිශ්චිත අවදානම් ද පවතී. එසේ හිංසාවට පත් කරන්නන් හට හරි හැටි දඩුවම් ලැබීමක්, නීතිය ක්‍රියාත්මක වීමක්ද දක්නට නොලැබීම අභාග්‍යයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසන්නේ,
“අප ජනමාධ්‍යවේදීන් ආරක්ෂා නොකරන්නේ නම්, දැනුවත්ව සිටීමට සහ සාක්ෂි පදනම් කරගත් තීරණ ගැනීමට අපට ඇති හැකියාවට දැඩි ලෙස බාධා කරයි. ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ රාජකාරිය ආරක්ෂිතව කළ නොහැකි වූ විට, අන්තර්ජාලය තුළ පැතිරී ඇති වැරදි තොරතුරු සහ වැරදි තොරතුරු වසංගතයට එරෙහිව වැදගත් ආරක්ෂාවක් අපට අහිමි වේ. ” යනුවෙනි.
පසුගිය වසර දහහතර තුළ (2006-2019) ප්රවෘත්ති වාර්තා කිරීම සහ තොරතුරු මහජනයා වෙත ගෙන ඒම හේතුවෙන් ලොව පුරා මාධ්‍යවේදීන් 1200 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. සිද්ධීන් දහයෙන් නවයකින්ම ඝාතකයින්ට දඩුවම් නොලැබීම ජනමාධ්‍යවේදියාට එරෙහි ප්රචණ්ඩත්වය තව තවත් තියුණු කරවයි.
තත්ත්වය එසේ තිබියදී මාධ්‍යවේදියාට එරෙහි අපරාධ වැළැක්වීම හා ඔහු සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නොවැම්බර් 2 දින ‘ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දඩුවම් නොලැබීම අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය’ ලෙස මහා සභා යෝජනාවේ (A/RES/68/163) ප්‍රකාශයට පත් කළේය. වර්තමාන දඩුවම් නොලැබීමේ සංස්කෘතියට එරෙහිව නිශ්චිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියේය. 2013 නොවැම්බර් 2 වන දින මාලි නුවරදී ප්‍රංශ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඝාතනය කිරීම අනුස්මරණය කිරීම සඳහා මෙම දිනය තෝරා ගන්නා ලදී.
මෙම වැදගත් යෝජනාව මගින් ජනමාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයින්ට එරෙහි සියලු පහරදීම් සහ ප්රචණ්ඩ ක්‍රියා හෙළා දකී. ජනමාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයින්ට එරෙහි හිංසනය වැළැක්වීම, වගවීම සහතික කිරීම,ජනමාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයින්ට එරෙහි අපරාධවලට යුක්තිය පසිඳලීම සහ වින්දිතයින්ට සුදුසු ප්‍රතිකර්ම ලබා ගැනීම සහතික කිරීම සඳහා උපරිම උත්සාහයක් ගන්නා ලෙස ද එය සාමාජික රටවලින් ඉල්ලා සිටී. ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ වැඩ කටයුතු ස්වාධීනව හා අනවශ්‍ය මැදිහත්වීමකින් තොරව සිදු කිරීමට ආරක්ෂිත සහ පරිසරයක් ප්‍රවර්ධනය කරන ලෙස එය තවදුරටත් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.
Written by: Rtr. Shermila Dewapurage
0 Comments