ලෝක මානව හිමිකම් දිනය 2021

Dec 9, 2021 | News | 0 comments

මිනිසත්බව ලැබීම හේතුවෙන් පුද්ගලයෙකුට උපතින්ම ලැබෙන අයිතීන් මානව හිමිකම් නැතහොත් මානව අයිතිවාසිකම් ලෙස හැඳින්විය හැක. මෙය සාධාරණත්වය හා සමානාත්මතාවය මත පදනම් වූ විශ්වමය සංකල්පයක් ලෙස හැඳින්විය හැක. මානව හිමිකම් සුරකින සමාජයක මිනිස් ජීවිත සුරක්ෂිත වීම , මානව සංවර්ධනය , යුක්තිය හා සාධාරණත්වය වර්ධනය වීම වැනි ලක්ෂණ දැකගත හැකිය. 

මානව හිමිකම් දිනා ගැනිමේ ඉතිහාසය සැලකීමේදි එය ඉතා ඈත අතීතයකට දිව යයි. එයින් එක් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වීමයි. මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ දැඩි අවධානයක් යොමු වූ අතර 1948 දෙසැම්බර් 10 වන දින මානව හිමිකම් පිලිබඳ විශ්වීය ප්‍රකාශනය (Universal Declaration of Human Rights – UDHR) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගැනීම මානව හිමිකම් සුරැකීමේ ලා ගනු ලැබූ වැදගත් පියවරකි.

විශ්වීය මානව හිමිකම් ප්‍රකාශනය යනු ඕනෑම ජාතියක් , වර්ණයක් , ආගමක් , ස්ත්‍රී පුරුෂ භාවයක් , භාෂාවක් සහ ඕනෑම  දේශපාලන මතයක්  නොසලකා මිනිස්සුන් හට හිමි සියලු අයිතිවාසිකම් සඳහන් කරන ප්‍රකාශනයකි. එය මේ වන විට භාෂා 500 කට පමණ පරිවර්තනය වී ඇති අතර ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ ලේඛනය ලෙසද මෙය හැඳින්විය හැකිය

1948 දී මෙම ප්‍රකාශනය සම්මත වීමෙන් අනතුරුව 1950 දී ප්‍රථම වතාවට මානව හිමිකම් දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව සෑම වර්ෂයකම දෙසැම්බර් 10 වන දින ලෝක මානව හිමිකම් දිනය ලෙස නම් කර ඇත. ඒ අනුව 2021 වර්ෂයේද දෙසැම්බර් 10 වන දිනට ලෝක මානව හිමිකම් දිනය යෙදී ඇත. මෙවර එහි තේමාව වී ඇත්තේ සමානාත්මතාවය සහ වෙනස්කම් නොකිරීමත් අයිතිවාසිකම් වැඩිදියුණු කිරීමත් යන්නයි. ( Equality – Reducing inequalities , advancing human rights)

වර්තමානයේ අප මුහුණ පා ඇති ගෝලීය අර්බුද වලින් වැලකීමට ඇති යතුරක් ලෙස මෙහි එන සමානාත්මතාවය දැක්විය හැකියි. මෙවර මෙහි සමානාත්මතාවය යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ ධනවත් ජාතීන්ට පමණක් නොව ඕනෑම අයෙකුව COVID – 19 එන්නත් ලබා ගැනීමට ප්‍රවේශය තිබෙන බවත් , කවුරුන් කොහෝ කෙලෙස ඉපදුණත් ඔවුන්ට ගෞරවයෙන් ජීවත් විය හැකි බවත්ය

මෙවර අපිත්, සමානාත්මතාවය පෙර දැරි කොටගෙන , දරිද්‍රතාවයේ යදම් බිඳ දමා, සැමට එක ලෙස අවස්ථාවන් උදාකර දෙමින් , සෑම දෙනාගේම මානව හිමිකම් එක ලෙස ආරක්ෂා කරමින් , මේ අර්බුදකාරී තත්ත්වයන් මඟ හැර ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට අපේ දෑත් දිගු කරලමු.

மனிதஉரிமைகள்தினம்

மனிதத்துவம் மூலமாக ஒரு மனிதனுக்கு பிறப்பிலிருந்தே கிடைக்கும் உரிமைகள் மனித உரிமைகள் என அழைக்கப்படும். இனம், நிறம், மொழி, பாலினம், மதம், அல்லது சமூக தோற்றம் என பாகுபாடு பார்க்கக்கூடாது என்பதை உணர்த்துவதே இந்த தினம். கலாச்சாரம், சமூகம் மற்றும் உரிமைகள் குறித்த விழிப்புணர்வை ஏற்படுத்தவும், சாத்தியமான அனைத்து சூழல்களிலும் சமூகத்தின் நலனை உறுதிப்படுத்தவும் இந்த நாள் கொண்டாடப்படுகிறது.

மனித உரிமைகள் தினம் நிலைநிறுத்தப்பட்டதன் வரலாறு ஒரு முக்கியமான வரலாற்று அம்சமாகும். இரண்டாம் உலகமகா யுத்தம் நடைபெற்றபோது நடந்த படுகொலைகள் மற்றும் மனிதப் பேரழிவுகளின் பின்னர் 1945ம் ஆண்டு தோன்றிய ஐக்கிய நாடுகள் சபையால் அறிவிக்கப்பட்டதே இந்த மனித உரிமைப் பிரகடனம். இப்பிரகடனத்தை 1948-ல் ஐநா பொதுச்சபை அனைவருக்குமான மனித உரிமைகள் பிரகடனம் என ஏற்று வெளியிட்டது. இதனை நினைவு கூறும் வகையில் 1950 ஆம் ஆண்டிலிருந்து டிசம்பர் 10 என்ற நாளை ‘சர்வதேச மனித உரிமைகள் தினமாக’ அறிவித்து கொண்டாடப்பட்டு வருகிறது.

2021ஆம் ஆண்டிற்கான மனித உரிமைகள் தினம் டிசம்பர் 10 ஆம் திகதி கொண்டாடப்படவுள்ளது. இவ்வருடத்திற்கான மனித உரிமைகள் தின மையப் பொருள் யாதெனில் “சமத்துவம் – சமத்துவமின்மைகளைக் குறைத்தல், மனித உரிமைகளை முன்னேற்றுதல்” ( Equality – Reducing inequalities , advancing human rights). இம்முறை சமத்துவம் என்ற மையப் பொருளூடாக கூறப்படுவது யாதெனில் வளர்ச்சியடைந்த சமூகங்கள் மட்டுமின்றி, அனைவருக்கும் COVID-19  தடுப்பூசிகள் பெறக்கூடிய உரிமை உள்ளதென்பதுடன், உலகில் பிறந்த அனைவரும் கௌரவத்துவத்துடன் வாழ முடியும் என்பதை உணர்த்துவதேயாகும் .

இம்முறை நாமும் சமத்துவத்துடன் ஒன்றாக, ஒற்றுமையுடன், ஒருவருக்கொருவர் உதவி செய்து, அனைவரதும் மனித உரிமைகளை பாதுகாத்து வாழ்வோமாக!

Sinhala article: Rtr. Thinuri Mithara

Tamil Article: Rtr. Srinath Udayachandran

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Facebook feed

3 years ago

Project E-Shield by the Community Service Avenue for the year 2020/21

We are delighted to announce that we successfully carried out the project E-Shield with the view of spreading awareness on ... See more

« 4 of 4 »

Contact Us:

Email: [email protected]

Call Us: (+94) 77 859 3141

FOLLOW US
© 2020. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura