I’m A Rotarctor -Sinhala Article-

Aug 18, 2019 | Club Service | 0 comments

ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයීය  Rotaract සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘I’m a Rotaractor ’19’ වැඩසටහන 2019 ජූලි මස 20 වන දින විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී සාර්ථකව පවතවනු ලැබූහ. මෙහි මූලික අරමුණු වුයේ නවක සාමජිකයන් හට සංගමය පිළිබඳ මනා අවබෝධයක් ඇති කිරීම හා සාමජිකයන් අතර සහයෝගිතාව හා සුහදත්වය වර්ධනය කිරීමත් ය.

“Feet off the ground” විනෝද ක්‍රීඩාව මගින් එදින වැඩසටහන ආරම්භ වූ අතර එය තුළින් සියළු සාමජිකයන් අතර සුහදත්වයක් වර්ධනය විය. ඉන් පසුව පැමිණි සියළු සාමජිකයන් කණ්ඩායම් වලට වෙන් කෙරුණි. ඉන් අනතුරුව තවත් කණ්ඩායම් ක්‍රීඩාවක් හඳුන්වා දුන්හ.

“Find the location” කණ්ඩායම් ක්‍රියාවෙන් සියළුම කණ්ඩායම් (SBTF) ශාලාව වෙත යොමු කරනු ලැබූහ.එහිදී  පසුගිය වසරේ අප Rotaract සංගමයේ ගමන් මග අලංකාර වීඩියොවකින් නැරඹීමට අවස්ථාව ලබා දුන් අතර ඉන් පසුව සභාපති Rtr. විදුශිත් ජයසුන්දර විසින් සංගමය පිළිබඳව අවබෝධයක් ලබාදීම සහ 2019/20 නව කමිටුව හදුන්වා දීම සිදු කලේය. තවදුරටත් සංගමයේ ඇති අනු කමිටු (Avenues) පිළිබඳව මනා පැහැදිලි කිරීමක් අදාළ කමිටු නායකයන් විසින් සිදු කරන ලදි

ලේකම් Rtr. දුලනි බන්දුලහේවා විසින් සාමජිකයන් හට සංගමය මගින් සිදුකරන ව්‍යාපෘති කෙසේද සිදු කරන්නේ යන්න කියා දීම ඉන් අනතුරුව සිදු විය. එම ක්‍රියාවලීන් පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගත් නවකයින් හට Dancing Challenge ක්‍රීඩාව  හඳුන්වා දුන් අතර ඉන් අනතුරුව දහවල් ආහාරය සංගමය විසින්ම ලබා දුනි.

දිවා ආහාරයින් අනතුරුව රැස් වූ නවකයින් හට සුවිශේෂී ආරාධිතයකු මුන ගැසීමට අවස්ථාව ලැබූනි. ඔහු DRR Rtr.PP ක්‍රිශාන් බාලාජී වූ අතර ඔහුගේ සුවිශේෂී කතාවට සවන් දීමට නවකයින් හට අවස්ථාව උදාවුණි. ඔහුගේ පැමිණිමට ස්තූති කිරිමක් ලෙසින් සංගමයේ සභාපති විසින් ඔහුට විශේෂ සමරු තිළිණයක් පිළිගන්වන ලද්දේ්ය.

අනතුරුව නැවත වරක් විනෝදය ක්‍රීඩා සිදුකිරීමට සාමාජිකයන් එළිමහනට රැගෙන ගිය අතර එහිදී ඉතාමත් විනෝදාත්මක හා උද්‍යෝගිමත් කණ්ඩායම් ක්‍රියාකාරකම් රැසක් සිදු වුණි.

මුලු දිනයම විනෝදයින් හා සතුටින් ගත කෙරුණි අතර නොදැනුවත්වමා කාලය ගෙවී ගොස් දවසේ අවසානය උදා විය. I’m a Rotaractor ’19 සදහා සහභාගි වූ සියළුම සාමජිකයන් හට Guide Club Coordinator Rtr. නදුනි මදුමාලි සහ අප සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික Rtr. හසිත රන්දික අතින් සහතික පත් ප්‍රදානය කෙරුණි. තවදුරටත් පැවැති ක්‍රීඩාවන්ගේ ජයග්‍රාහී කණ්ඩායම් වලට ත්‍යාග ලබා දුනි. අප Guide Club Coordinator විසින් සාමජිකයන් අමතා කෙටි කතාවක් සිදුකළ අතර අවසානයේදී Rtr. එරංගි ඈන් විසින් සිදු කළ ස්තූති කතාව තුළින් I’m a Rotaractor වැඩසටහන ඉතා සාර්ථකව නිම කෙරුණි.

-Rtr. Naveeni Eshwari Francis-

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Facebook feed

2 years ago

It is with utmost pleasure we open the registrations for the 31st Rotaract District Assembly!

Date - July 10th, 2021
Time - 10.00am onwards

Join us to celebrate the conclusion of a successful ... See more

2 years ago

As a year of challenges faced by the passion to strive as one ends successfully, the dawn of a new Rotaract era is upon us. An era of redefining Rotaract! An era of making life a living ... See more

2 years ago

Introducing the first-ever team who took their pens to word the 10th milestone of RACUSJ ??

The Rotaract club of University of Sri Jayewardenepura proudly introduces the silent workers behind the ... See more

« 1 of 4 »

Contact Us:

Email: president@racusj.com

Call Us: (+94) 77 859 3141

FOLLOW US
© 2020. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura