ජාත්‍යන්තර සංඥා භාෂා දිනය

Sep 22, 2022 | News | 0 comments

“ඇස් මාගේ දෙසවන් වේ – දෑත් මාගේ කට බඳු වේ.” – (උපුටා ගැනීමකි)

මුළු ලෝක ජනගහනයෙන් මිලියන 72ට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයකට ශ්‍රවණාබාධ පවතින බවට පර්යේෂණ මඟින් සොයාගෙන ඇත. ශ්‍රවණාබාධ පැවතීම හේතුවෙන් ඔවුනට තම අදහස් අන් අය සමඟ හුවමාරු කර ගැනීමට හැකියාවක් නොමැති බවට කිසිවෙකුටත් දැක්විය නොහැක.

සංකේත භාෂා හෙවත් සංඥා භාෂා යනු‚ පණිවුඩ සම්ප්‍රේෂණය කරන දෘශ්‍ය භාෂාවකි. ලොව පුරා සිටින ශ්‍රවණාබාධ හෝ කථන ආබාධ සහිත පුද්ගලයින් විසින් එකිනෙකට වෙනස් සංකේත භාෂාවන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරමින් ඔවුන්ගේ අදහස් අන් අය සමඟ හුවමාරු කර ගනී. යම් යම් වෙනස්කම් සහිත ජාතික සංකේත භාෂා මෙන්ම අන්තර්ජාතික වශයෙන් පිළිගත්  සංකේත භාෂාද පවතී.

“සංකේත භාෂා යනු‚ දෙවියන් විසින් බිහිරි පුද්ගලයින්ට දෙන ලද අගනා තිළිණයක්” ලෙස එක්සත් ජනපදයේ බිහිරි පුද්ගලයින්ගේ ජාතික සංසදයෙහි හිටපු සභාපති වන ජෝර්ජ් වෙඩිට්ස් විසින් පවසා ඇත.

සංඥා භාෂාව ලෙස හැඳින්වුවද සංඥා පමණක් නොව මුහුණේ ඉරියව්, ශරීර ඉරියව් සහ අභිනයන් ද සන්නිවේදනයේ දී යොදා ගනී.  විවිධ රටවල් වල විවිධ සංකේත භාෂා භාවිතා කරන බැවින් සංකේත භාෂාව හැදෑරීම තරමක අපහසු කාර්යයකි. සංඥා භාෂාව භාවිතා කරන බොහෝ පිරිස් අකුරු යොදා ගැනීමට වඩා තම නම සඳහන් කිරීමට තනි ලකුණක් භාවිතා කරයි.

“සංඥා භාෂාව යනු කථනයෙහි සමානත්වය වන අතර, දැඩි හා කාව්‍යමය දේට, දාර්ශනික විශ්ලේෂණයට හෝ ආදරය ඇති කිරීමට සම සේ සහයෝගය ලබා දෙන්නකි.”  

– ඔලිවර් සැක්ස්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංකේත භාෂා පිළිබඳ ජාත්‍යන්තර දිනය‚ සැප්තැම්බර් 23 දිනදී සමරනු ලබයි. 1951 දී ලෝක බිහිරි සම්මේලනය (WFD) ආරම්භ කළ අතර වර්ෂ 2018 සිට ජාත්‍යන්තර සංකේත භාෂා දිනය මෙම දිනයේදී සමරනු ලබයි. සැප්තැම්බර් 23 වන දින ජාත්‍යන්තර සංකේත භාෂා දිනය ලෙස යොදා ගැනීමට හේතුව වන්නේ ලෝක බිහිරි සම්මේලනය ආරම්භ කළ දිනය එම දිනය වීමයි. සෑම වසරකදීම විවිධ අර්ථාන්විත තේමා ඔස්සේ මෙම දිනය සමරනු ලබයි. සියලුම බිහිරි පුද්ගලයින්ගේ භාෂාමය අනන්‍යතාවය සහ සංස්කෘතික විවිධත්වයට සහාය වීම සහ ආරක්ෂා කිරීම යන අරමුණ ඔස්සේ 2022 වර්ෂයේ සැප්තැම්බර් 23 වන දින ජාත්‍යන්තර සංකේත භාෂා දිනය සැමරීමට නියමිත අතර මෙම වර්ෂයට අදාළ තේමාව, “සංඥා භාෂා අපව එක්සත් කරයි” යන්නයි.

සංකේත භාෂාවල ඇති විශේෂත්වය වන්නේ; බොහෝ බිහිරි සහ ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් සන්නිවේදන මාධ්‍යයක් ලෙස සංඥා භාෂාව මත දැඩි ලෙස රඳා පැවතීම හා සංඥා භාෂාවෙන් මුහුණේ ඉරියව්වලට හැඟීම් සහ ව්‍යාකරණ තොරතුරු යන දෙකම ප්‍රකාශ  කළ හැකි වීමයි.

සංඥා භාෂාව භාවිතා කරන විට, සන්නිවේදනය කරන පුද්ගලයා සමඟ නිරන්තර අක්ෂි සම්බන්ධතා පවත්වා ගත යුතුය. මන්දයත් සංඥා භාෂාවට ඇසින් සවන් දිය යුතු අතර බොහෝ දුරට අතින් කතා කළ යුතුය.

සංඥා භාෂා යනු ලෝකය පුරාම භාවිතා වන වැදගත් භාෂාවක් යන්න වටහා ගැනීමටත්,  අවම වශයෙන් ජාතික මට්ටමෙන් භාවිතා කරන සංකේත භාෂාවක් හෝ අධ්‍යයනය කිරීමටත්, ශ්‍රවණාබාධිත පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීමටත් සියලු පුද්ගලයින් උනන්දු විය යුතු අතර අන් අයව ද දැනුවත් කළ යුතු වේ. දුර්වලතා නොතකා සැම සමඟ සුහදව සන්නිවේදනයේ යෙදෙන්නට අපගේ දෑත් දිගු කරමු.

Written by: Rtr. Nethmi Kaveesha

Graphic Design by: Rtr. Vidushi Pathirana

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Facebook feed

2 years ago

Walking down the memory lane of the Membership Development Committee for the year 2020/21

It is our pleasure to announce that we successfully completed Sneak Peek Into Rotaract and Splendour'21 ... See more

2 years ago

FOR THEM TO BLOSSOM 3.0!

2 years ago

Tourisco by the Environmental Service Avenue for the year 20/21

We are delighted to announce that we successfully concluded the project Tourisco while promoting sustainable ecotourism through ... See more

« 2 of 4 »

Contact Us:

Email: president@racusj.com

Call Us: (+94) 77 859 3141

FOLLOW US
© 2020. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura