සියල් සිරියෙන් අරා
දසත පෙති විහිදුවන
උයන් සිරි මැද පිපෙන
මන බඳින මල් ගොමුව
සඳ රේණු ගලා එන
කදෝ පැණි එළි නටන
තුන්යමට පෙම් බඳින
සුදෝ සුදු මල් ගොමුව
මුදු පවන හා එතී
මකරන්ද ගලා එන
ලොවට රහසේ පිපෙන
පාට පිරි මල් ගොමුව
සහස් ගව් ගෙවා ආ
දිය බිඳක් රටා දෙන
යවෙස් ලූ කතර මැද
රන්සුණු අඳින පතොක් මල
එමෙන් මනුදම් උයන
ළකල් සිරියෙන් පුරන
දූ පුතුන් වේය ලොව
දස දිගම සුවඳ දෙන
තනන්නට හෙට දිනක්
උන් හීන පාට වෙන
කියාවී ඔබට සකි
පින්න කෙතරම් ළතෙත් දැයි’
තැන්නකට නොවැටී
මල් පෙත්තකට ආදරේ දෙනකොට
Poem by: Rtr. Dinithi Saubhagya
Graphic design by: Rtr. Dhanuka Nawanjana
0 Comments