ශෘංගාර රසම සෙවු
උන්මාද බඹරිඳූ
මන්ද අප සැමරූව
මදු සිහින ඇති නොවූ
සලල් ලෙස රෑ පාන
මදිසරින් නැහැවුණූ
බමර තටු සිඳලන්නෙ
කොයි කලද හිමිසඳූ
නිතිපතා ගුටි ගැහැට
විඳිනු දැක ඔබෙ දරූ
ලයිට් නැති කාමරයෙ
ඇඳ පල්ලෙ නිදි කිරූ
අම්මෙ අපි හැම මෙලෙස
කරුමයක් කිම කෙරූ
දරු පෙමත් අපෙ පෙමත්
මා මෙහිම තනි කෙරූ
කුසට අහරක් යන්තමට මෙන්
ගැටගසා මම බෙදනවා
දරුවන්ගෙ දිවි සරි කරලා දෙන
පවුරු මම දැන් බඳිනවා
තටු සිඳෙන ඒ පැයේ නම් ඔබ
මගේ ලඟ බව දන්නවා
එදිනටත් ඔබ හෙළන කඳුලැලි
මගේ දෑතින් පිසිනවා
-හංසිකා මධුෂානි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
0 Comments